Wednesday, January 22, 2025

ජයග්‍රහණයේ කිරිබත් වෙනුවට වේදනාවේ කැඳ

Must read


කැඳ පිළිගන්වමු මුල්ලිවයික්කාල් වේදනාවේ කතාව බෙදාගමු
‘මුල්ලිවයික්කාල් ඛේදවාචකය සිහිකිරීම ඊයේ (12) වනදා උතුරු නැගෙනහිරදී ආරම්භ වූ අතර එම සිහිකිරීම් වල දෙවෙනි දිනය අදයි. මෙම උත්සවය දෙවැනි දිනටත් අද (13) නැගෙනහිර විශ්වවිද්‍යාලය ඉදිරිපිට සහ චෙංකලාඩි පොළ ප්‍රදේශයේ පැවැත්විණි.
උතුරු නැගෙනහිර අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. යුද්ධයේ අවසන් අදියරේදී මිය ගිය දහස් ගණන් දමිළ ජනයා සිහිකරමින් ජනතාවට කැද බෙදාදීම සාමුහිකව සිදුකරන ලදී.
‘මුල්ලිවයික්කාල් කංජීවරම්’ ලෙස නම්කරනු ලැබූ මෙම කැඳ පිසීම 2009 අවසානයේ යුද සමයේදී ඝාතනයට ලක්වූ නෑදැ හිතවතුන් සැමරීම සඳහාය.
එය සෑදී ඇත්තේ සහල් ලුණු සහිත ජලයට පෙරීමෙනි.
මෙම අවස්ථාවට පූජ්‍ය පක්ෂය, සිවිල් සමාජ නියෝජිතයන් සහ උතුරු නැගෙනහිර ප්‍රගතිශීලී සංගමයේ සාමාජිකයින් සහභාගී විය.
මෙම උත්සවය මැයි 12 සිට මැයි 18 දක්වා දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල ‘මුල්ලිවයික්කාල් කන්ජි’ සතිය සමරයි.

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article