ජනාධිපතිවරණය සදහා ශ්රිලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කල යුතු බවත්,එවිට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය බලා ගත හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පවසයි. එලෙස ජනාධිපතිවරණයට මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වන්නේ නම් සියලු දෙනාගේ සහට ඔහුට හිමි වන බවත් , පොදුජන පෙරමුණ සමග සාකච්ජා පවත්වීම තේරුමක් නැති බවත් ඒ මහතා සදහන් කරයි. එමෙන්ම පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට තමන් සූදානම් බවද කුමාර වෙල්ගම මහතා සදහන් කර ඇත.
ඒ මහතා මේ අදහස් දක්වා ඇත්තේ ඊයේ (22) මාතරදි පැවති උත්සවයකදීය.