Saturday, January 11, 2025

ජනමාධ්‍ය ලේකම්ටත් පාලනය කරගත නොහැකි රාජපක්ෂලාට ගැති රාජ්‍ය මාධ්‍ය !

Must read

state mediaMR picදැන් ආණ්ඩුවක් නැත. මාධ්‍ය ඇමති කෙනෙකුද නැත. ඔක් 26 සිට පැවැතියේද නිත්‍යාණුකුල රජයක් නොවේ . කුමන්ත්‍රණ ආණ්ඩුවකි.මේ කුමන්ත්‍රණ ආණ්ඩුවෙන් රාජ්‍ය මාධ්‍ය පාලනය සදහා රාජපක්ෂලාගේ කුණු රෙදි හෝදන බයියන් පිරිසක් පත් කර තිබුණි.
අභියාචනාධිකරණය විසින් පසුගිය 29 වනදා කියා සිටියේ අගමැති සහ කැබිනට් මණ්ඩය අත්හිටුවිට විමට නියෝග කරන බවය.
මේ පසුබිම තුල එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රිවරුන් පිරිසක් රාජ්‍ය මාධ්‍ය ආයතන කිපයකට ගොස් කියා තිබුනේ ආණ්ඩුවක් නැති පසුබිම අපක්ෂපාති ලෙස රාජ්‍ය මාධ්‍ය හැසිරවිමට පියවර ගන්නා ලෙසය.
මේ පිරිස ජනමාධ්‍ය ලේකම් වරයාද හමුවි මේ බව කියා  තිබුණ අතර ඔහු පෙරලා පොරොන්දු වි  තිබුනේ රාජ්‍ය මාධ්‍ය ක්‍රියාකාරිත්වය ගැන අධික්ෂණයක නියැලෙන බවය.
තතු එසේ වුවද ජනමාධ්‍ය ලේකම්වරයාව තඹ පයිසෙකට ගණන් නොගනිමින් සියළු රාජ්‍ය මාධ්‍ය කිසිදු හිරිකිතයකින් තොරව කටයුතු කරගෙන යමින් සිටිති.
මේ අය අතර වැඩියෙන්ම පජාත තත්වයකට පත්ව ඇත්තේ ගුවන් විදුලියයි. මේ නිසාම අද දිනයේ කථානායකවරයාට ගුවන් විදුලියේ සභාපතිවරයාව පාර්ලිමේන්තුවට කැදවා අවවාද කිරිමට පවා සිදුව තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article