Monday, November 25, 2024

ජනපති දෙලොවක් අතර ? කිසිදු වේදිකාවට නොයන ලකුණු ? ”හූ” ප්‍රතිචාරයත් තිරාණාත්මකයි? !

Must read


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු අපේක්ෂකයකුගේ වේදිකාවට ගොඩනොවන බව ඊයේ (28) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළ බව ලංකා නිව්ස් වේබ් අඩවිය සදහන් කොට තිබේ.
පසුගිය දිනවල දේශපාලන සමාජය තුල පුළුල් කථාබහකට ලක්ව තිබුනේ දේශපාලන ප්‍රබලයන් දෙදෙනෙකුගේ ජනපතිවරණ මැතිවරණ සම්ප්‍රාප්තියක් පිළිබදවය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා නිශ්චිතවම අපේක්ෂකයකුට සහාය දක්වනු ඇති බවට ආරංචිය දේශපාලන ක්ෂේත්‍රය තුළ පැතිර ගියේ මීට සතියකට පමණ පෙර සිට වන අතර කිසිවකු එය ප්‍රතික්ෂේප කළේ ද නැතැයිද ලංකා නිව්ස් වෙබ් අඩවියේ සදහන්ය.මේ අතර තවත් අවධාරණයකර ඇති කරුණක් වුයේ ජනාධිපතිවරයා සිය විදෙස් සංචාරයේ නිරත වී සිටි කාලය තුළ දෙපාර්ශ්වයම සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර ඔහු මැතිවරණ වේදිකාවට එක්කර ගැනීමට දෙපාර්ශ්වයම අකැමති වී තිබිම පිළිබදවය.

ඒ, සිය බිම්මට්ටමේ පාක්ෂිකයින්ගෙන් ජනාධිපතිවරයාට දැඩි විරෝධයක් එල්ල වනු ඇතැයි යන සැකය නිසාය.

මේ දිනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාට ගොඩ වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගණනාවටකම හූ හඬ අසාගෙන වේදිකාවෙන් බැස යාමට සිදුවූ හෙයින් රටේ විධායක ජනාධිපතිවරයාට ද ඒ ඉරණමම අත් වුවහොත් එය කවුරුනුත් අපහසුතාවට පත් කරන්නක් වනු ඇති බව දෙපාර්ශ්වය විසින්ම ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති බවද සැලය
මෙසේ හු සංග්‍රහය පිළිබදව අලුත්ම පුවත වාර්ථා වි තිබුනේ කන්තලේ ප්‍රදේශයෙනි.ඒ පොහොට්ටු වේදිකාවට නැගුනු ශ්‍රිලනිප යේ ආරිවති හට කථාව අතර මග නවතා දමා වේදිකාවේ යළිත් අසුන් ගැනිමට තරම් එය හූව ප්‍රබල වි තිබිම නිසාය.
මුලාශ්‍රය- ලංකානිව්ස් වෙබ්

.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article