මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයට පත්වූ 2015-01-08 දිනයේ සිට මේ දක්වා ඔහු සහභාගී වූ විදෙස් සංචාර හා ඒවාට සම්බන්ද වූ පුද්ගලයන් කවුරුන්ද යන්න වග තොරතුරු දැනගැනීමේ පණත යටතේ පුරවැසියෙකු කල ඉල්ලීමකට ප්රතිචාර වශයෙන් ජනාධිපති කාර්යාලය දන්වා ඇත්තේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ දක්වා සහභාගි වූ විදෙස් සංචාර පිළිබඳ තොරතුරු කිසිවක් ජනාධිපති කාර්යාලයේ නොමැති බවයි.
එසේ පවසමින් ජනාධිපතිගේ විදෙස් සංචාරයන් සම්බන්දයෙන් තොරතුරු ලබාදීම ජනාධිපති කාර්යාලය මගින් ප්රතික්ෂේප කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ නම් කළ නිලධාරියා වන ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතාට අභියාචනයක්ද ඉදිරිපත් කර ඇති අතර, එයද ප්රතික්ෂේප කරමින් එම තොරතුරු ජනාධිපති කාර්යාලයේ නොමැති බවද සඳහන් කර ඇත.