ජනතාව මුව ආවරණ පැළඳීම සම්බන්ධයෙන් සෝදිසි කිරීම සඳහා විදි පරීක්ෂණයක් අද (22) මඩකලපුවේදී සිදුකරන ලදී. මෙම පරීක්ෂාව පොලීසිය හා හමුදාව එක්ව සිදුකරන ලදී. කොරෝනා අසාධනය වැළැක්වීමේ වැඩසටහන යටතේ මේ ආකාරයට මහජනතාව දැනුවත්කිරීම හා පරීක්ෂාව සිදුකරන ලදී. කල්ලඩිපාලම්, ත්‍රිකුණාමලය පාර, වයිචන්දි , අරසාඩි වැනි මාර්ග හරහා මඩකලපුවට යන ප්‍රධාන වාහනවල ගමන් කරන සියලුම වාහන නැවැත්වීමටත්, ගමන්ගන්නන් හිස් ආවරණ පැළඳ සිටීද යන්න පරීක්ෂා කිරීමටත් එහිදී කටයුතු සිදුකරන ලදී. කොරෝනා ආසාදන වැළැක්වීමේ වැඩසටහන යටතේ මහජනතාව විසින් අනුගමනය කළ යුතු සනීපාරක්ෂක මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.