චෙම්මනි ඇතුළු සමූහ මිනිවල් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා යාපනයේ මෙන්ම මඩකලපුවේදි විරෝධතා සංවිධානය කර තිබුණි.


මේ අතර සමූහ මිනී වළවල් හෙළිදරව්විම් වැඩි වෙමින් පවතින අතර තවමත් විසඳුම් නොමැති බැවින්, මෙම ගැටලුව ජාත්‍යන්තර අවධානයට යොමු කිරීම සහ ඥාතීන්ට යුක්තිය ඉල්ලා සිටීම සඳහා අද (23) සෙම්මනි හි ‘අනයා දීපම්’ විරෝධතාවයක් මඩකලපුවෙදි දියත් කරන ලදී.
මහජන ක්‍රියාකාරී සංවිධානය විසින් නීතිඥ වෛෂ්ණවි ෂන්මුගනාදන් මහත්මියගේ නායකත්වයෙන් සංවිධානය කරනු ලබන මෙම විරෝධතාවයට ආගමික නායකයින්, දේශපාලන නායකයින්, දේශපාලන චරිත, මහජන සංවිධාන නියෝජිතයින් සහ මහජනතාව සහභාගී වූ අතර, මල් තබා වින්දිතයින්ට උපහාර දැක්වීය.
ඊයෙ (23) පෙ.ව. 10.10 ට ආරම්භ වන විරෝධතාවය 23, 24 සහ 25 යන දින 3 ක් අවිහිංසාවාදී ආකාරයකින් සිදු කිරීමට නියමිතව තිබේ.. .

