Tuesday, January 14, 2025

චීන ජාතිකයින් ගැන ඇතැම් ශ්‍රී ලාංකිකයන්ගේ හැසිරීම ගැන චීන තානාපතිගේ කණස්සල්ල

Must read

“අපි අවසානයේදී කොහොමහරි මේ වසංගතය පරාජය කරනවා. අපි ආපසු හැරී බැලූවාම අපට මතක තියෙන්නේ අපට උදව් උපකාර කරපු අයගේ මුහුණු. අපි දිරිගන්වපු අය.

අපට උණුසුම් දෑත් දිගු කළ පිරිස. අප බලාපොරොත්තු වෙන්නෙත් එයයි. ශ්‍රී ලාංකික ජනතාව දුෂ්කර සහ අභියෝගාත්මක අවස්ථාවලට මුහුණ දුන්නාම චීන ජනතාව කළේ ද එයයි.

පහුගිය දින කිහිපයේදී චීන තානාපති කාර්යාලයේ කාර්යමණ්ඩලයට ශ්‍රී ලාංකික මිතුරන්ගෙන් බොහෝ උදව් උපකාර ලැබුණා. අපේ ශ්‍රී ලාංකික මිතුරන් අප දිරිගැන්වුවා. මේ අවස්ථාවේදී එය අපට ඉතා විශාල දෙයක්. එය ඉතාම උණුසුම් සහ අපට මහත් ආශීර්වාදයක්. එය අපේ හිත්වල ආදරය සහ අනුකම්පාව උපදවනවා.

වගකීම් සහගත සහ ප්‍රධාන රටක් ලෙස කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට චීනය පියවර රැසක් ගෙන තිබෙනවා.”  යනුවෙන් සදහන් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

එම නිවේදනය හරහා ඒ මහතා සදහන් කර ඇත්තේ ඇතැම් කුලී රථ රියදුරන්, හෝටල් සහ ආපනශාලා චීන ජාතිකයන්ට සේවා සැපයීම ප්‍රතික්ෂේප කිරීම කනස්සල්ලට හේතුවක් බවයි. එම නිවේදනය මගින් ඒ මහතා වැඩිදුරටත් සදන් කර ඇත්තේ හුබෙයි පළාතේ වැසියන්ට ශ්‍රී ලංකාවට නොඑන ලෙස දැනුම් දී තිබෙන බවත්, සැකකටයුතු සිදුවීම්, රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම් මෙන්ම කණ්ඩායම් වශයෙන් ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසත් චීන රජය ජනතාවට දැනුම් දී ඇති බවයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article