Friday, January 10, 2025

ගෝඨා මට අභියෝගයක් නෙවෙයි – රොහාන් පල්ලෙවත්ත

Must read

 

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආගමනය තමන්ට කිසිදු අභියෝගයක් නොවන බව ආචාර්ය රොහාන් පල්ලෙවත්ත මහතා අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ලංකා නිවුස් වෙබ් වෙත සම්මුඛ සාකච්ජාවක් ලබාදෙමිනි.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය ප්‍රකාශ කරන පළමු පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ නොවන අතර මීට වසර තුනකට පමණ පෙර මෙම අපේක්ෂකත්වය ගැන මුලින්ම ප්‍රකාශ කළේ තමන් බවත් මෙතෙක් එහි වෙනසක් සිදුව නොමැති බවත් පල්ලෙවත්ත මහතා සඳහන් කරයි.

විශේෂයෙන් තමන් අභියෝග කරමින් හිදින්නේ රට වෙනුවෙන් වූ විකල්පයක අවශ්‍යතාව වෙනුවෙන් ප්‍රධාන කඳවුරු දෙකට බව ඔහු කියා සිටියි.

එම පසුබිම මත පැමිණෙන අපේක්ෂකයා ගැටළුවක් නොවන තර තමන් උත්සහ කරන්නේ රටට ආදරය කරන මිනිසුන් එක් තැනකට ගොණු කිරීම බව හෙතෙම ප්‍රකාශ කරයි.

“ඔය කියන විදිහට රාජපක්ෂ සමූහය හරි ක්‍රමවේදයක් සකස් කර තිබුණා නම් අවුරුදු පහකින් මේක බිඳ වැටෙන්න විදිහක් නැහැ”

ඒ අනුව මේ ප්‍රධාන කඳවුරු දෙකම රට පාලන කර ඇත්තේ රටට ඔරොත්තු දෙන දීර්ඝ කාලීන සැලසුමකින් නොවන බවට පැහැදිලි බවයි පල්ලෙවත්ත මහතා පෙන්වාදෙන්නේ.

 

(www.lankanewsweb.net)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article