2005 වසරේදී ඇමරිකානු පුරවැසියකුව සිටිමින් සංචාරක වීසා මත ශ්රී ලංකාවට පැමිණ 2005 ජනාධිපතිවරණයේදී නීතිවිරෝධී ලෙස ඡන්දය ප්රකාශ කිරීම හා සංචාරක වීසා කොන්දේසි කඩකරමින් නීතිවිරෝධී ලෙස ශ්රී ලංකාවේ රජයේ රැකියාවක් ලබාගැනීම , ඊට අදාළව වැටුප් ලබාගැනීම සම්බන්ධයෙන් අතිශය බරපතළ චෝදනා කිහිපයක්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට, ඔහුගේ බිරිඳට සහ චමල් රාජපක්ෂ මහතාට එල්ල වී ඇත.
මහින්ද රාජපක්ෂ මහතාට පවසන ආකාරයට 2005 වසරේදී ශ්රී ලාංකික පුරවැසියකු නොවූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ බිරිඳගේ නම් එවර ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත්ව තිබුණේ කෙසේද යන්න සොයාබැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 20 දෙනෙකු හම්බන්තොටට ගොස් ඇත. එමෙන්ම ගෝඨාභය මහතා නව විදෙස් ගමන් බලපත්රයක් ලබාගත්තේ කෙසේද යන්න පිළිබඳ වහාම විමර්ශන වාර්තාවක් ලබාදෙන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවද මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.
එම පරීක්ෂණ වල තත්වය එසේ ඉදිරිපත් කරන මහින්ද රාජපක්ෂ මහතාට ඇති ගැටළුවවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරට වඩා ඔහුගේ ජනාධිපති අපේක්ෂක මල්ලී ගැන වද වන්නේ ඇයිද යන්නයි.එසේනම් එතුමාට අනුව ගෝඨාභය නම් තම සහෝදරයාගේ මගඩි වැඩ සෙවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අකැප රාජකාරියක්ද? 2005 සිට 2015 දක්වා රාජපක්ෂ පාලනය රට කෙරවූ අවදියේදිනම් රාජපක්ෂ සහෝදරයන්ගේ හෝ පුතුන්ගේ මෙන්ම බිරින්දෑවරුන්ගේද ගේම් සෙවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ පොලීසියට හෝ වෙනත් නීතිය ක්රියාත්මක කරන ආයතන වලට අකැප රාජකාරීන් වී තිබූ සැටි අපට මතකය. නමුත් දැන් පවතින්ගේ ඔහුගේ පවුලේ පාලනය නොවන බැවින් සියළු ආකාර අපරාධ පිළිබද පරීක්ෂණ පවත්වාගෙන යෑමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති බව අප මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක තුමාට මතක් කලයුතුය.