එක්සත් ජාතික පක්ෂයේ ප්රබලයෙකු මෙන්ම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම මන්ත්‍රීවරයෙකු පක්ෂ මාරුවකට සූදානම් බව පොදුජන පෙරමුණේ නායකයන් මේ දිනවල නිතර සිදු කරන ප්‍රකාශයකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ඒ සම්බන්ධයෙන් පසුගිය දිනවල සඳහන් කර තිබිණි.
කෙසේ වෙතත් එවැනි පක්ෂ මාරුවක් තවමත් සිදුව නොමැත. පසුගියදා විජේදාස රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණට එකතු වන බව ප්‍රකාෂ කළද සැබෑ ලෙසම ඔහු මීට පෙරත් සිටියේ රාජපක්ෂලා සමගයි. පසුගිය වසරේ ඔක්තෝබර් කුමන්ත්රණයෙන් පසු ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්ව ඇමති ධුරයකද දිවුරුම් දුන්නේය. ඉන්පසු එම ආණ්ඩුව බිඳවැටී නැවතත් එජාප ආණ්ඩුවක් දිවුරුම් දීමෙන් පසුවත් විජේදාස රාජපක්ෂ මහතා වැටඋඩ සිටියේ එක කකුලක් රාජපක්ෂලා අසල තබා ගනිමිනි.
එජාපයෙන් පැනීමට සිටින ප්‍රබලයා සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන ක්ෂේත්රයේ සිදුවන කතාබහට අනුව ඒ සාගල රත්නායක ඇමතිවරයා බව වාර්තා වේ. ඔහු රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු වන අතර මේ වනවිට සජිත් පාර්ශ්වය ඉදිරියට පැමිණ සිටින නිසා සාගල රත්නායක මහතා අතිශය නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටී.
සාගල රත්නායක මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු වනවා මෙන්ම එපමණටම රාජපක්ෂලාගේ ද සමීපතමයෙකි. පසුගිය කාලයේදී රාජපක්ෂලාට එරෙහිව එල්ල වූ බොහෝ චෝදනා සනාථ කර ගැනීමට නොහැකි වීම සහ අධිකරණ ක්‍රියාමාර්ග අවසන් කරගත නොහැකි වීම පිටුපස සිටින එක් ප්‍රධාන චරිතයක් වන්නේ සාගල රත්නායක මහතාය.
ඒ නිසා යම් හෙයකින් සාගල රත්නායක මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවට ගැනීමට තීරණය කළහොත් එය අලුත් තත්වයක් නොවේ. මන්ද ඔහු මේ වනවිටත් තිරය පිටුපස රාජපක්ෂලාට අවශ්‍ය පරිදි කටයුතු කරන පුද්ගලයෙක් වන නිසාය. එකම අලුත් දෙය වන්නේ තිරය මෑත් වීම පමණි.
www.infosrilankanews.info