ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා සහ ගාමිණී වියන්ගොඩ මහතා විසින් ගොනු කරනු ලැබූ රීට් පෙත්සම ප්‍රතික්ෂේප කරන බවට ප්‍රකාශයට පත්කර සතියක් ගතව ඇතත් ඊට හේතු දක්වමින් නිකුත් කළ යුතු සම්පූර්ණ තීන්දුව මෙතෙක් අභියාචනාධිකරණය විසින් ලබාදී නොමැත.
දින තුනක් තිස්සේ පැවති පෙත්සම් විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ ඔක්තෝබර් 04 වන සිකුරාදා පස්වරු 6.00ටය. ඒ ඊළඟ සඳුදා දිනට යෙදී තිබුණු ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට අවහිරයක් නොවනු පිණිස බව පැහැදිලිය.
එදින පෙත්සම ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ මහතා පැවසුවේ තීන්දුව සඳහා කරුණු දැක්වීමට කාලවේලාව මඳ බැවින් ඔක්තෝබර් 07 වනදා එහි සම්පූර්ණ තීන්දුව ප්‍රකාශයට පත් කරන බවයි.
එහෙත් මේ දක්වාත් එම සම්පූර්ණ තීන්දුව ලබාදීමට ඔවුන් ක්‍රියාකර නැත. පෙත්සම විභාග කෙරුණේ දින දෙක හමාරකි. ලිඛිත දේශන භාරදීම සඳහා 04 වනදා පස්වරු 03.30 දක්වා අවස්ථාව ලබාදෙන ලදී. ඉන් පැය දෙක හමාරක් තුළ පෙත්සම ප්‍රතික්ෂේප කරන බව පැවසීමට හැකිවූ අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ මහතා ඇතුළු විනිසුරු මඬුල්ලට සතියක් තිස්සේත් ඊට හේතු දැක්වීමට නොහැකි වීම පසුපස කුමන්ත්‍රණයක් ඇතිද යන්න පිළිබඳව නීති ක්ෂේත්රයේ අවධානයට ලක්ව තිබේ.
විශේෂයෙන් තීන්දුව සාධාරණීකරණය සඳහා ඔවුන් කරුණු සොයන්නේ දැන්ද යන සාධාරණ ප්‍රශ්නයක් මෙහිදී පැනනැඟී ඇත.
(LNW)