Thursday, September 19, 2024

ගුවන් හමුදා බෝම්බයෙන් බාල ළමුන් ඇතුළු දෙමළ 150ක් මරාදමා අවුරුදු 29ක්

Must read

විසිනම වසරකට ඉහතදී ගුවන් හමුදාව විසින් ක්‍රිස්තියානි දේවස්ථානයකට බෝම්බ හෙලා සමුහ ඝාතනය කරන ලද එකසිය පනහකට අධික උතුරේ දෙමළ යුද අනාථයන් සිහිකරමින් මලින් පහනින් උපහාර දක්වා තිබේ.

1995 වසරේ ජුලි 9 වනදා යාපනය නවාලි පල්ලිය, කතරගම හින්දු කෝවිල සහ නේවාසික ප්‍රදේශවලට හෙලූ බෝම්බ වලින් දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටියන් ඇතුළු 147ක් මරණයට පත්වී වසර 29 ක් පිරීම නිමිත්තෙන් 2024  ජුලි 09 අගහරුවාදා පැවැත්වු අනුස්මරණයට ඝාතනයට ලක්වුවන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිටි බවයි පලාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

පිළිසකර කර තිබෙන නවාලි හි ශාන්ත පීතර කතෝලික දේවස්ථානය තුළ මිය ගිය පිරිස සිහි කරමින් හවස් යාමයේ අනුස්මරණ දේව මෙහෙයක් පවත්වා නවාලි දේවස්ථානයේ වැට මායිමේ ස්ථාපිත කර තිබෙන අනුස්මරණ ස්මාරකය අබියස මල් පුදා ඉටිපන්දම් දල්වා උපහාර දැක්වීමට ඔවුන් කටයුතු කර තිබේ.

 

po 8po2
බෝම්බ මාලාවක්

 

1995 ජූලි මාසයේ දී යාපනයේ නවාලි හි ශාන්ත පීතර සහ ශාන්ත පාවුලු කතෝලික දේවස්ථානය යුද්ධයෙන් රැකවරණය හා ආරක්ෂාව පතා රැඳී සිටි දෙමළ ජනයාගෙන් පිරී තිබු මොහොතක ගුවන් හමුදා ප්‍රහාර මාලාව සිදුව තිබුනි. ජනයා එම වන්දනා ස්ථාන වලට ගොස් ඇත්තේ ආරක්ෂාව සඳහා පොදු ස්ථාන කරා යන ලෙස රජයේ ආරක්ෂක අංශ විසින් ප්‍රසිද්ධියේ කරන ලද නිවේදනයකට අනුගත වෙමිනි.

 

ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ දිවි ගලවා ගත් පිරිස් පවසන පරිදි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලනය පැවති 1995 වසරේ ජූලි 09 වන දින සවස 4.30 -5.00 ට පමණ “පුකාරා” ගුවන් යානයක් මඟින් නවාලි පල්ලිය, කතරගම මුරුගන් හින්දු කෝවිල සහ නේවාසික ප්‍රදේශවලට ඉහළින් බෝම්බ 8-13 ක් හෙලා ඇත්තේ මිනිසුන් සිය ගණනක් ඝාතනය කරමින් සහ තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදු කරමිනි.

උතුරු නැගෙනහිර මානව හිමිකම් සඳහා වන කාර්යාංශය විසින් වාර්තා කර ඇති පරිදි ප්‍රහාරයෙන් අනතුරුව හමුවූ මල සිරුරු ගණන 155 කි.

ඝාතනයට ලක්වූවන් අතර අවුරුදු 4 දරුවකු සහ 68 හැවිරිදි වියේ පසුවූවන් දෙදෙනකුද ද වේ.

ඝාතනයට ලක්වූවන්ගෙන් 45 ක් පමණ නවාලි පදිංචි කරුවන් යැයි ගණන් බලා වැඩි දෙනෙක් යුද්ධයෙන් උන්හිටිතැන් අහිමිවී වෙනත් ප්‍රදේශ වලින් පලා ආ අයයි.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් කතෝලික දේවස්ථානයට, හින්දු කෝවිලට සහ නිවාස 30 කට පමණ දැඩි හානි සිදුවී ඇත.

“ගුවනින්  බෝම්බ හෙලීම නිසා ඇති වූ තුවාලවලින් මරණය සිදුවීම” ලෙස සඳහන් මරණ සහතික රජය විසින් නිකුත් කිරීම මගින් බෝම්බ ප්‍රහාරය එල්ල කළේ  ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට ප්‍රදේශවාසීන් කරන චෝදනා තහවුරු වේ.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article