කොරෝනා වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්තව පවතින රටවල් සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ඇතුලු සියලුම සංචාරකයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම අද (10)සිට ආරම්භ විය.
නමුත් මේ වන විට එම නිරෝධායන ක්‍රියාවලිය සම්බන්දයෙන් හා විදේශයන්හි සිට පැමිණෙන පිරිස් වෙත සපයා ඇති පහසුකම් සම්බන්දයෙන් විවිධ දෝෂාරෝපන එල්ලවෙමින් පවතින බව දැකිය හැකිය.
ඒ අතර මේ වන ව්ට සමාජ මාධ්‍ය ඔස්සේ තවත් වීඩියෝවක් හුවමාරු වෙමින් පවතින අතර එයට අනුව එම වීඩියෝවේ සිටින පිරිස යම් කාමරයක රදවා කාමරය වසා ඇති අතර කුඩා දරුවන්ද සහිත මෙම පිරිස එම කාමරයේ දොර විවෘත කරන මෙන් ඉල්ලමින් කෑගසන ආකාරය එම වීඩියෝවේ සදහන් වේ.
https://m.youtube.com/watch?v=5L_efoYaVy0&feature=youtu.be#dialog
මූලාශ්‍රය – newswire.lk