රත්නපුර වැලිමළුව ප්‍රදේශයේ ගෑස් සිලින්ඩර ස්ථානගතකර තිබු කුටියකට ඉන්ධන දමා ගිනි තැබීමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ වීම හේතුවෙන් සිදුවන්නට ගිය විශාල විනාශයක් වැලකුණ පුවතක් වාර්ථා වෙයි.
ඊයේ(07) දිනයේදී එම ප්‍රදේශවාසීන් විසින් මත්කඩු ව්‍යාපාර කරන පුද්ගලයන් දෙදෙනෙකු අල්ලා පොලිස් විශේෂකාර්ය බළකායට බාරදී ඇති අතර අද අලුයම වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම ගිනිතැබීම සිදුකරන්නට උත්සහ දරන ආකාරය ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇත.
මත් කුඩු විකිණීම සිදු කරන බව කියන දෙනෙනා අල්ලා දීම නිසා මෙම වෙළෙද සැලට ගිනි තබා ඇති බව පොලිසිය සැකකරන අතර සිදුවීම සම්බන්දයෙන් රත්නපුර මුලස්ථාන පොලිසිය පරික්ෂණ සිදු කරයි.