Monday, January 27, 2025

ගෑස් මිළත් පහලට !

Must read

තව දින ටික දිනකින් ගෑස් මිල තවත් අඩු වනු ඇතැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක පවසා තිබුණි

තෙල් මිල අඩු වූ අයුරින් තව දින ටික දිනකින් ගෑස් මිල තවත් අඩු වේවි යැයි බලාපොරොත්තු වෙනවා යනුවෙන් අද පැවැති එජාප මැයි දින රැලිය අමතමින් සාගල රත්නායක කියා ඇත

“70% කට තිබූ උද්ධමනය දැන් 35% ක් දක්වා අඩු වී ඇතැයි කියා වැඩිදුරටත් එහි කියා ඇති අතර මේ වසර අග වන විට එය තනි ඉලක්කමකට ගැනීමට අප උත්සාහ කරනවා යැයිද අවධාරණය කර තිබුණි

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිදුකළ මිල සංශෝධනයට අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් අඩුකර ඇත්තේ රුපියල් 7 කින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කිරීම එම සමාගමද මේ වන විට තිරණය කොට ඇත.

ඒ අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ පිරවුම්හල් මගින් නිකුත් කෙරෙන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 333 ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 365ක් දක්වා අඩු කර ඇත

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල අඩුකර ආකාරයෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 135 කින් අඩු කිරීමටයි ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර ඇති අතර  අයි ඕ සී පිරවුම්හල් මගින් අළෙවි කෙරෙන ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 310 ක් දක්වා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 330 ක් දක්වා අඩු වී මෙසේ අඩුවි ඇතිබෙනවා.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article