මන්නාරම, උයිලංගුලම් ප්‍රදේශයේදී විමර්ශන සඳහා ගිය පොලිස් නිලධාරීන්ට පහරදුන් බව කියන කාන්තාවන් ඇතුළු 10 දෙනෙකු ලබන 10 වැනිදා (10-07-07) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මන්නාරම නියෝජ්‍ය මහේස්ත්‍රාත්වරයා ඉයේ (25) නියෝග කර තිබේ.
ඊයේ (24දා) සෙනසුරාදා සවස මන්නාරම – මඩවාච්චි ප්‍රධාන මාර්ගයේ උයිලංගුලම සුරාසැල් අසල ඇතැමුන් කලහකාරී ලෙස හැසිරෙන බවට මහජනතාව උයිලංගුලම පොලිසියට කළ දැනුම්දීමකට අනුව උයිලංගුලම පොලිසිය ඒම ස්ථානයට ගොස් පරීක්ෂණ . කලහකාරී ලෙස හැසිරුණු පිරිසගෙන් ප්‍රශ්න කිරීමට උත්සාහ කිරීමේදී එහි සිටි පිරිසක් පොලිසියට පහරදී ඇත. ප්‍රරහාරයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබයි.
ඒස්.ආර්.ලැම්බර්ට්