Thursday, September 19, 2024

ග්‍රෙගරි වැව අපවිත්‍රයි

Must read

 

මේ ඔබ දකින්නේ, නුවරඑළිය සංචාරක පුරවරයට මහත් කලඑළියක් එක් කල ග්‍රෙගරි වැවේ දැන් තත්ත්වයයි. දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් වූ මෙම ග්‍රෙගරි වැව මේ වන විට ජපන් ජපර වැනි වල් පැළෑටි බිහි වී එහි ජලය අපවිත්‍ර වී ඇති ආකාරය දැකගත හැකිය. මෙම තත්ත්වය දැන් සෑහෙන කාලයක පටන් පවතින බව ද දැකගත හැකි විය. සෑහෙන කාලයකින් ග්‍රෙගරි වැවේ ඇති ජපන් ජපර සහ අනිකුත් වල්පැළෑටි ඉවත්කර, සුද්ද පවිත්‍ර කිරීමක් සිදුවී ඇති බව පෙනෙන්නට නැත. දැඩි සංචාරක ආකර්ෂණයක් සහිත මෙම ග්‍රෙගරි වැවේ ජපන් ජපර සහ අනෙකුත් වල් පැළෑටි ඉවත්කර වැව පවිත්‍ර කීරිමට මේ සඳහා වගකිවයුතු බලධාරීන් ඉතා ඉක්මනින්ම මැදිහත්විය යුතුය.එසේ නොවුනහොත් මෙම වැව සම්පූර්ණයෙන්ම ජපන් ජපර හා අනෙකුත් වල්පැළෑටිවලින් වැසී යනු ඇත. එවිට වැව් ජලය තව තවත් අපවිත්‍ර වී මේ ප්‍රදේශයේම දුර්ගන්ධයෙන් පිරී යනු ඇත.ඒ නිසා වගකිවයුතු බලධාරීන් මේ සඳහා ඉක්මනින් මැදිහත් වී මාහැඟි දායාදයක් සහ දැඩි සංචාරක ආකර්ෂණයක් සහිත, නුවරඑළිය පුරවරයට කලඑළියක් එක් කරන ග්‍රෙගරි වැව පවිත්‍ර කර දීමට ඉක්මනින් කටයුතු කරන ලෙස පරිසර ලැදි බොහෝ දෙනෙක් ඉල්ලා සිටි.

ඒම්.ඒස්.ඒම්.මුනිර්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article