මඩකලපුව, කරෙයිතිව් ප්රදේශයේදී ඔවුන් ගමන් ගත් ට්රැක්ටරය ඊයේ ගංවතුරට ගසාගෙන යෑමෙන් පසු අතුරුදන් වූ ළමුන් පස් දෙනෙකු ඇතුළු අට දෙනෙකු සොයා තවමත් මෙහෙයුම් ක්රියාත්මක බව පොලිසිය පවසයි.
ඔවුන් පැවසුවේ සිද්ධිය වන අවස්ථාවේ ට්රැක්ටරයේ අවම වශයෙන් පුද්ගලයන් 14 දෙනෙකු ගමන් කරමින් සිටි බවයි.
15 හැවිරිදි දරුවෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති අතර, ඉතිරි පුද්ගලයින් සොයා ගැනීම සඳහා අඛණ්ඩව උත්සාහ දරනවා.
පොලීසිය පැවසුවේ, නින්දවූර් මද්රසා පාසලේ ළමුන් නිවසට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව ය.