Friday, September 20, 2024

කෝවිඩ් මැදත් තල්මසුන් වෙනුවෙන් මහ මුහුද තරණය කළ මිනිස්සු….!

Must read

රටම තිබුනේ කෝවිඩ්වලට නතර වෙලා.විශේෂයෙන්ම බස්නාහිර පළාත.ඔය අල්ල පනල්ලේ තමයි කළුමහ (pilot whale) විශාල රංචුවක් පානදුර වෙරළට ගොඩ බැස්සේ.එම රංචුව 50කට වැඩි.අපි එතන්ට යන කොටත් එකෙන් ඉතිරි වෙලා හිටියේ 18දෙනායි.ඒ දහ අට දෙනාව මුහුදට බෝට්ටුවකින් ඇද ගෙන යන්න ඕනා වුණා.එක අමාරැ වැඩක්.ඒ වුනත් හැම දෙනාම එකතු වුණා.
රවී වීරප්පෙරැම ප්‍රමුඛ නාවික හමුදාව,ශ්‍රී ලංකා පොලීසිය,ධීවර අමාත්‍යාංශය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශාල කැප කිරීමක් කළා.ඒ සඳහා විශාල පිරිසක් මහන්සි වුණා.
විශේෂයෙන්ම ironman සමුහය කළ මෙහෙවර වචනයට නැගිය නොහැකි තරම්.ඒ වගේම ප්‍රසන්න වීරක්කොඩි වැනි සාගරජීව විද්‍යාඥයින් කළ මෙහෙය අති විශිෂ්ටයි.
ඒ තල්මසුන් 18 දෙනා විසි තිස් වතාවක් ගැඹුරැ මුහුදට ඇද ගෙන යනු ලැබුවා.නමුත් දෙන්නෙක් නොකඩවා නැවත එන්න පටන් ගත්තා.
දැන් ටිකකට කලින් ironman සමුහය සිය දුෂ්කර මෙහෙවර අවසන් කර නික්ම ගියා.ඊට පසු නැවතත් අර පෙර සඳහන් කළ තල්මසුන් දෙදෙනා වෙරළට පැමිණුනා.
දැන් ඒ සිත මැද නාවික හමුදාව නැවතත් සටනට පිවිසුණා.
මේ දේවල් ගැන දිර්ඝ විස්තරයක් පසුව පළ කරන්නම්.දැන් සිතළ ඝණ වැඩියි.
එහෙත් තවමත් ඒ සිත මැදත් මිනිසුන් නොකඩවා වැඩ.
තල්මසුන් වෙනුවෙන්….
නැවතත් ඒ සැමට ප්‍රණාමය..

නයනක රන්වැල්ල

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article