Friday, September 20, 2024

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14ක ජල කප්පාදුවක්

Must read

කොළඹ 05 , 07 හා 08 ප්‍රදේශ සහ ඇතුල්කෝට්ටේ, නුගේගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 14 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට පවසයි. ඒ අනුව අද(23) රාත්‍රී 10.00 සිට හෙට දහවල් 12.00 දක්වා පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, උඩහමුල්ල, ගංගොඩවිල, මාදිවෙල, තලපත්පිටිය, නුගේගොඩ, පාගොඩ, නාවල හා මොරගස්මුල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව කොළඹ 04 සහ 06 ප්‍රදේශවලට මෙන්ම මහරගම , බොරලැස්ගමුව යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.අඹතලේ සිට කෝට්ටේ ජුබිලි ජල තටාකය වෙත ජලය සැපයෙන නල මාර්ගයේ හදිසි ජල කාන්දුවක් පිළිසකර කිරීම සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

එමෙන්ම බටපොත ජල ටැංකියට ජලය සැපයෙන නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්  බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (23) රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 6.00 දක්වා  පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මේ අතර හෙට (24) පෙරවරු 8.00 සිට රාත්‍රි 8.00 දක්වා වාදුද්දුව,වස්කඩුව, කළුතර උතුර හා දකුණ, කටුකුරුන්ද ,නාගොඩ,පයාගල,පිලිමිනාවත්ත,බෝම්ඹුවල, මග්ගොන, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගා නගරය හා බෙන්තොට යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article