Friday, September 20, 2024

කොළඹ කතරගම මාර්ගය තංගල්ල ප්‍රදේශයෙන් වසා දැමේ

Must read

 

තංගල්ල පල්ලිකුඩාව ප්‍රදේශයේ පාලමක ඉදිකිරීම් සිදුකරන අතරතුරදී ප්‍රධාන මාර්ගයේ කොටසක් කැඩී යාම නිසා කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය තංගල්ල ප්‍රදේශයෙන් වසා දැමීමට කටයුතු කල බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.

තංගල්ල පල්ලිකුඩාව ⁣ප්‍රදේශයේ වවුල් බෝක්කුව අලුත්වැඩියා කටයුතු සිදුකරමින් තිබෙන අතර තුර ඇතිවූ ඉරි තැලීම් කිහිපයක් හේතුවෙන් ඊයේ දිනයේදී සැහැල්ලු වාහන වලට පමණක් ප්‍රධාන මාර්ගය භාවිතා කිරිමට ඉඩ සලසා තිබිණ. නමුත් රාත්‍රීයේදී මාර්ගයේ තවත් කොටසක් කැඩී යාම හේතුවෙන් එම මාර්ගය වසා දැමීමට තීරණය කර ඇති අතර සියලුම වාහන විකල්ප මාර්ග හරහායැවීමට පොලීසිය කටයුතු කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article