Monday, December 23, 2024

කොවිඩ්19 වසංගත කාලය තුල නව දරු උපත් මිලියන 116ක් සිදුවිය හැකි බවට යුනිසෙෆ් වාර්ථාවක් සදහන් කරයි

Must read

මාර්තු මස 11 වනදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ්19 ගෝලීය වසංගත තත්වයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එළඹෙන මාස 9කට ආසන්න කාලයේදී ලොවපුරා දරුවන් මිලියන 116 (කෝටි 11.6) උපදිනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර ඇත. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) සකස් කරන ලද නවතම වාර්තාවකින් ඒ බව අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් එම කාලය තුල කොවිඩ්19 වෛරසය ලොවින් තුරන්වනු ඇති බවට කිසිදු සහතියක් නොමැති පසුබිමක වසංගත තත්වය තුල අලුත උපදින දරුවන්ට සහ මව්වරුන්ට ලබාදෙන සෞඛ්‍ය පහසුකම්වලට බාධා එල්ල විය හැකි බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙයි.එමෙන්මම දරු උපත්වලදී හා ඒ ආශ්‍රිත සෞඛ්‍ය සේවාවලට බාධා එල්ල විය හැකි බවත්,මේ තත්ත්වය නිසා ලොවපුරා ගර්භණී අම්මලා සහ ඔවුන්ගේ දරුවන් මිලියන ගණනකගේ ජීවිත අවදානම පත්ව වන බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදෙල් විධායක අධ්‍යක්ෂ හෙන්රියෙටෝ ෆෝ සඳහන් කර ඇත.

යුනිසෙෆ් සංවිධානය සකස් කල වාර්තා වලට අනුව වැඩිම දරුවන් ගණනක් උපදිනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත්තේ ඉන්දියාවේය. ඉදිරි මාස නවයක කාලයේදී ඉන්දියාවේ දරුවන් මිලියන 20.1ක් උපදිනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඇස්තමේන්තු කර ඇත. චීනයෙන් මිලියන 13.5ක්, නයිජීරියාවෙන් මිලියන 6.4ක්, පාකිස්තානයෙන් මිලියන 5ක් සහ ඉන්දුනීසියාවෙන් මිලියන 4 ක් වශයෙන් දරු උපත් වාර්තා වනු ඇතැයි ද දැනට ඇස්තමේන්තු කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article