Saturday, December 28, 2024

කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ තොරතුරු රැස්කරන මාධ්‍යවේදීන්ට පොලීසියෙන් තර්ජන

Must read

 

මුලතිව් – කොක්කුතොඩුවායි මිනිස් සුසාන සංකීර්ණයේ කැණීම්වල තෙවැනි දිනය වූ ඊයේ (08) සිදුවෙමින් තිබෙන අතරතුරදී එහි ප්‍රවෘත්ති එක්රැස් කිරීමේ නිරතව සිටි මාධ්‍යවේදී විජයරතනම් සරවනන් සහ බාලනාදන් සතීස් ඒජියර් යන අයගේ වැඩකටයුතුවලට පොලිසිය බාධා කර ඇති බව වාර්තා වේ.

ඊයේ මෙම සමූහ මිනීවලේ කැනීම් නැරඹීමට යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය  සිසුන් රැසක් සහභාගී වූ අතර එම අවස්ථාවේදී විජයරතනම් සරවනන් සහ බාලනාදන් සතීස් යන මාධ්‍යවේදීන් මෑන්හෝල් එකේ ආරක්ෂිත වහලය මතින් පිටත සිට ප්‍රවෘත්ති එක්රැස් කරමින් සිටියදී පොලිසිය මාධ්‍යවේදීන්ට තර්ජනය කර ඇත්තේ එහි සිට ප්‍රවෘත්ති එකතු කිරීම වළක්වාලමිනි.

සමූහ මිනවල ආසන්නයෙන් ඉවත්වී ඈත සිට (කොක්ලායි ප්‍රධාන මාර්ගයේ) ප්‍රවෘත්ති එකතු කරන ලෙසද පොලිසිය මාධ්‍යවේදීන්ට අවවාද කර ඇත. සමූහ මිනවලේ  කැණීම සම්බන්ධයෙන් මේ වන විටත් ඇතිවී තිබෙන සාකච්ඡාවලදී මාධ්‍යවේදීන්ට ප්‍රවෘත්ති එකතු කිරීමට ඉඩ දෙන බව දන්වා තිබියදී පොලිසියේ මෙම මර්දනකාරී ක්‍රියාව මාධ්‍යවේදීන්ගේ දැඩි අප්‍රසාදයට හේතු වී තිබේ.

කැණීමේ දෙවන දිනයේදී  වෙඩි වැදී ඇති තුවාල සහ වෙඩි වැදී සිදුරු වූ බවට සැක කෙරෙන කාන්තා ඇඳුම් සොයාගෙන ඇත. එවැනි වටපිටාවක් තුළ කැණීමේ තුන්වැනි දිනයේදී පොලිසිය මාධ්‍යවේදීන්ට තර්ජනය කර එම ස්ථානයෙන් ඉවත් වන ලෙස අවවාද කිරීම ඉහත කී කැණීම් කටයුතු පිළිබඳව විවිධ සැක මතුකර තිබේ.

මෙම තත්ත්වය තුළ මාධ්‍යවේදීන්ගේ දැඩි පරිශ්‍රමයකින් පසු මේ පිළිබඳව විනිසුරුවරයාගේ අවධානයට ලක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට ප්‍රවෘත්ති එක්රැස් කිරීමට අවසර ලබාදීම අගය කළ යුතුය.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article