Sunday, December 22, 2024

කොක්කුතොඩුවායි සමූහ මිනී වල තාවකාලිකව වසා දමයි

Must read

කොක්කුතොඩුවායි සමූහ මිනී වලෙන්  මේ වන විට මිනිස් අස්ථි කොටස් 52ක් ගොඩ ගෙන ඇති අතර ඊයේ (2024.07.16) සුසාන භූමිය තාවකාලිකව වසා දමා ඇත.

මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතොඩුවායි මිනිස් සුසාන වළ පසුගිය වසරේ 2023.06.29 වන දින සොයා ගන්නා ලද අතර එහි කැණීම් කටයුතු අදියර තුනකින් සිදු කර මේ වන විට මිනිස් අස්ථි කොටස් 52 ක් ගොඩ ගෙන ඇත.

අදියර දෙකේදී මිනිස් අස්ථි කොටස් 40 ක් ගොඩගනු ලැබූ අතර, තුන්වන අදියරේ කැණීම් 2024.07.04 දින ආරම්භ කර 2024.07.15 දින දක්වා පැවති අතර, මිනිස් අස්ථි කොටස් 12 ක් ගොඩගැනීමට හැකිවිය.

ඉයේ  (16) මුලතිව් – කොක්කුතොඩුවායි මිනිස් සුසාන භූමියේ තුන්වන අදියරේ කැණීම් කටයුතු අවසන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුලතිව් දිසා හදිසි මරණ පරීක්ෂකවරයා පැවසුවේ තව දින කිහිපයකින් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාංශයේ නිලධාරීන් පැමිණ මෙම මිනිස් මිහිදන් කිරීම් සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කරන බවයි.

පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් සාක්ෂි සහිත මිනිස් අස්ථි කොටස් 52 ක් ගොඩ ගෙන ඇති අතර ස්කෑන් පරීක්‍ෂණ ප්‍රතිඵලවලට අනුව එම වළ තවදුරටත් සිදුනොවීමට ඉඩ ඇති බැවින් අධිකරණ අවසරය මත එය අර්ධ වශයෙන් වසා දමා ඇත.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article