ඉන්දියාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සහ නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා කේරළ මහ ඇමැති ප්‍රනායි විජේ මහතා හමුවිය. කේරළ මහ ඇමති කාර්යාලයේ පැවති මෙම හමුවේදී කේරළ රාජ්‍යය සමඟ එක්ව නැඟෙනහිර පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.
එසේම 1970 දී ශ්‍රී ලංකාවේ කඳුකර ජනතාවගේ පවුල් 1480ක් කේරළයේ නැවත පදිංචි කල අතර ඔවුන් R.P.L සහ කේරළ වනාන්තර සංවර්ධන සංස්ථාවේ සේවය කරයි. එහිදී ඔවුන් මුහුණදී සිටින ගැටලුවලට විසඳුම් ලබාදීම පිළිබඳවද වැඩිදුරටත් මෙහිදී සාකච්ඡා කෙරුණි.
කේරළ මහ ඇමති ප්‍රනායි විජේ මහතා ශ්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතූ අතර, ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා විසින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සිදු කළ ආරාධනය පිළිගන්නා බවටද සහතික විය.