Friday, September 20, 2024

කුරුණෑගලින් නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව ඥානසාර හිමිගෙන් පෙත්සමක්

Must read

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (13) රීට් පෙත්සමක් ගොනු කරනු ලැබූහ. ඒ උන්වහන්සේගේ  නායකත්වයෙන් යුතු “අපේ ජන බල පක්ෂය”  කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එම දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරියා ගත් තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමිනි.

අපේ ජනබල පක්ෂය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයේ අන්තර්ගත දිවුරුම් පෙත්සමක පවතින බව කියන දෝෂයක් හේතුවෙන් එය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා කටයුතු කළ බවත් ,මැතිවරණ නීතියට අනුව එවැනි කරුණු සම්බන්ධයෙන් නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරීන්ට බලයක් නොමැති බවත් පෙත්සම්කාර ඥානසාර හිමියන් සිය පෙත්සමෙන් සඳහන් කර ඇත.එම නිසා අදාළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට කුරුණෑගල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර ඥානසාර හිමියෝ ඉල්ලා සිටිති. එමෙන්ම මෙම පෙත්සමේ විභාගය අවසන් වනතුරු කුරුණෑගල දිස්ත්‍රික්කයේ සඳහා මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත්, ප්‍රතික්ෂේප කළ සිය නාම යෝජනා පත්‍රය යළි බර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර ඥානසාර හිමියෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එහි සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ නලින් අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ඇතුලු පිරිසක් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article