උතුරු ඉන්දීය සාගරය තුල හට ගන්නා සුළි කුණාටු සදහා නම් යෝජනා කිරීමේ අවස්ථාවක් මහජනතාවට ලබා දීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙසේ ඉදිරිපත් කරන නම් ස්ත්‍රී පුරුෂ විශේෂත්වයකින් තොරව ඉදිරිපත් කල හැකි වන අතර උච්චාරණය පහසු විය යුතුය. එලෙසම එම නම් ඉංග්‍රීසි භාෂාවෙන් ලිවීමේදී අකුරු 8කට සීමා විය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එලෙසම ඔබ විසින් යෝජනා කරන නම් හේතුවෙන් ලොව කිසිදු ජන කොට්ටාසයක මනෝභාවයන්ට හානිනොවිය යුතු අතර දේශපලාන, දේශපාලන චරිත, ආගමික විශ්වාස, සංස්කෘතිකමය කරුණු වැනි දෑ ඉලක්ක නොකළ යුතුය.
ඉහත සදහන් කරනු වලට අදාල වන පිරිදි සකස් කල නම් මේ මස 15 වනදාට ප්‍රථම අධ්යක්ෂ ජනරාල් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධාලෝක මාවත, කොළඹ 7 යන ලිපිනයට එවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.