Tuesday, November 5, 2024

කුඩා දැරියන් අපයෝජනය කල ටියුෂන් ගුරුවරයාට දෙමාපියන්ගෙන් පාඩමක්

Must read

කිරම, රම්මල ප්‍රදේශයේ උපකාරක පන්තියක් සඳහා සහභාගී වු 1 ශ්‍රේණියේ පාසල් දැරියන් සිව්දෙනෙක් අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් සැකපිට උපකාර පන්ති ගුරුවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සිසුවියන් පන්තියට සහභාගී වු විට ගුරුවරුයා විසින් අපයෝජනයට ලක්කර ඇති අතර, එම දැරියන් විසින් දෙමව්පියන්ට මේ බව පවසා ඇත.

පසුව ඊයේ (24) දිනයේ දී ගුරුවරයා පන්ති පවත්වන ස්ථානයට පැමිණි දෙමාපියන් ඔහුට පහර දී පසුව කාමරය තුළ සිරකර පුටුවක ගැට ගසා තිබේ.

දරුවන් අපයෝජනයට ලක්කරන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් ද අදාළ ගුරුවරයාගේ දුරකථනයේ තිබී දෙමව්පියන් සොයා ගෙන ඇත.

දෙමාපියන් විසින් වලස්මුල්ල පොලීසියට මේ බව දැන්වීමෙන් අනතුරුව පොලීසිය විසින් ගුරුවරුයා අත්අඩංගුවට ගෙන වලස්මුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

අපයෝජනයට ලක්වුවායැයි පැවසෙන දැරියන් සිව්දෙනා ද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර ඇතැයි “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

අදාළ සැකකාර උපකාරක පන්ති ගුරුවරයා වයස අවුරුදු 36ක් වන අඟුණුකොළපැලැස්ස, හැළේකඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.

ඔහු අද (25) වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(අදදෙරණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article