( 8.00 am) ලසන්ත ඝාතන සිදුවීම සහ නීතිපති විසින් දරනු ලබනා ස්ථාවරය සමගින් ආණ්ඩුව සහ ලසන්තගේ ඝාතනය පිළිබඳ යුක්තිය ඉල්ලන පිරිස් අතර වාග් සංග්‍රාම හටගෙන තිබේ.
ඒ සඳහා පිළිතුරු බඳින්නට ඉදිරියට එන ජාජබ පාර්ශවය ස්වකීය පිළිතුරු අතර අපි මෙහේ රටේ ප්‍රශ්න විසඳන්න හදනවා උඹල මොනවද කළේ වැනි ප්‍රශ්ණ නගනු පෙනේ. විශේෂයෙන්ම කසුන් පුස්සෙවෙල එහිදී ප්‍රහාරයට ලක්වනුද පෙනේ.
ආණ්ඩුව මිතුරු විවේචන ඉවසා සිටින්නට නොහැකි තත්වයකට පත්වෙමින් සිටින ආකාරය කනගාටුදායකය. ආණ්ඩුව පැත්තෙන් ඇති බරපතලම අඩුව වනුයේ මැතිවරණයට පෙර තිබූ මාධ්‍ය කුසලතා අහිමිව යාමයි. ආණ්ඩුවට වඩා අනෙක් පාර්ශවය බලවත් ය. එහෙත් ඒ පාර්ශව බලයද හිමිව තිබූ මැතිවරණයට පෙර සමයේ ඊට කදිමට මුහුණ දුන් ජාජබය දැන් මාධ්‍ය අතින් පසුබා ඇති අයුර ඔවුන්ගේ කල්පනාවට ලක්විය යුතුය.
ආණ්ඩුව දැන් අසීරු ගැටයක සිරව සිටී. එහි ප්‍රතිඥාව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමයි. එහිදී ශිරාණි බණ්ඩාරනායක ඉවත් කල සිදුවීම පන්නයේ වැඩ කිරීමට ජාජබයට නොහැකිය.
අනෙක් අතින් ජනතාව අපේක්ෂා කරන්නේ ජාජබය පොරොන්දුවූ පරිදි ඉක්මණින් වැඩ කරනු දකින්නටය.
එහෙත් ඒ සඳහා පළමුව කල යුත්තේ ඇවැසි ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකර අවශ්‍ය ශක්තිමත් පදනම් දැමීමය.
ආණ්ඩුව මේ මාස කිහිපය තුල එය වේගයෙන් ළඟා කරගත යුතුය. මුල් කාලයේදී ආණ්ඩුව ඊට අසමත් වන්නේනම් ඉදිරිය අවිනිශ්චිත වනු ඇත.
ජාජබ යේ බලකාරයන් දැන් කළයුත්තේ තමන්ට මිතුරු විවේචන එල්ල කරන්නන් ගර්හාවට ලක්කිරීම හෝ සතුරු ගොඩට දැමීම නොව තමන්ට ජනතාව දුන් ප්‍රමාණවත් බලය යොදවා යලි කිසිදු ආයතනයකට පීලි පනින්නට නොහැකිවන ලෙස පදනම් ශක්තිමත් කිරීමයි.
දක්ෂ ගොවියා නියරේ ඇති කක්කුටු ගුල් වසනවා මිස කක්කුට්ටන්ට කෙලවන්නට නියර මකා නොදමයි. එහෙත් පාගොයියා එසේ නැත. ආණ්ඩුව භාරගත යුත්තේ පාගොයි භූමිකාව නොව ගොවි භූමිකාවයි. එසේ නොකළොත් වී වපුරන්නට සැරසෙන විට කෙතේ ආරක්ෂාවට නියරක් ඉතිරි නොවනු ඇත.
චුලානන්ද සමරනායක