Wednesday, January 8, 2025

කල්ලාරු ඇතාගේ මරණයට හේතුව හෙලිවෙයි.

Must read

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් තන්තිරිමලය ප්‍රදේශයේදී වෙඩිතබා මරා දැමූබවට සැකකෙරුණු කල්ලාරු  ඇතාගේ මරණයට හේතුව මේ වන විට අනාවරණය වී තිබේ. එම ඇතා එලෙස මිය ගොස් ඇත්තේ ස්වාභාවික හේතුවක් නිසායැයි වනජීවි දෙපාරතමේන්තුවේ වනජීවි සංරක්ෂණ සෞඛ්‍ය කළමණාකරණ ඒකකයේ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා ස්ථානීය පරික්ෂණයෙන් අනතුරුව පසුගිය හයවනදා නිගමනය කර ඇත.

එලෙසම අනුරාධපුර අධිකරණ භූමියේ සිදුකල පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා  පොලිසිය අත්අඩංගුවටගත් ඇත්දළ යුගලය හා වනෝද්‍යාන භූමියේ තිබී සොයාගත් හිස ඇතුළු අස්ථි කොටස් එකිනෙක නිවැරදිව සැසදෙන බව නිගමනය කල අතර ඇතාගේ  අස්ථි කොටස්වල වෙඩි ප්‍රහාරයක කිසිදු සලකුණක් නැති බවත් ඒ මහතා එදින සොයාගත්තේය. එලෙසම එමෙන්ම අකුණු ගැසීමකින් විදුලිය සැර වැදීමක් වැනි හදිසි අනතුරකින් මරණය සිදුවී නොමැතිබව තහවුරු කලේය. අැතාගේ අස්ථි කොටස් හමුවූ ස්ථානය පරික්ෂාවට ලක්කරද්දී එම ස්ථානයේ පොලව විශාල වශයෙන් ගිලා බැසිමක් සිදුව ඇතිබව තරාක ප්‍රසාද් මහතා නිගමනයට එළඹි අතර එසේ වීමට ඇත්තේ ඇතා වයස්ගතවීමෙන් ඇතිවන රෝගාතුර වීමකින් හෝ වෙනත් රෝගී තත්වයක් හේතුවෙන් රෝගාතුර වී දින කිහිපයක් එම ස්ථානයේ වැටී සිටි නිසා බවද ඒ මහතා නිගමනය කලේය. ස්

කල්ලාරු ඇතා නමින් හදුන්වන ඇතාගේ බවට සැකකරන ශරීර කොටස් විශාල ප්‍රමාණයක් පසුගිය ජනවාරි මස (05) වැනදා සිලාවතුර නාඩ්ඩුකුට්ටු මොල්ලිකුලම් ප්‍රදේශයේදී අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් සොයා ගත්තේය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article