Thursday, April 10, 2025

කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති අචුවේලි කර්මාන්තපුරයේ නිරීක්ෂණ චාරිකාවක

Must read

 

කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති ඊයේ (07) අචුවේලි කර්මාන්තපුරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. කර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීමේ අරමුණින් ඔහු එම ස්ථානයට ගියේය. මේ අතරතුර අචුවේලි ප්‍රදේශයේ ක්‍රියාත්මක එළවලු තෙල් නිෂ්පාදන කම්හලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ඔහු එහි කටයුතු සම්බන්ධයෙන් සේවකයින් සමඟ සාකච්ඡා කළේය.

මෙම අවස්ථාවට සමුද්‍ර කර්මාන්ත අමාත්‍ය ඊ.චන්ද්‍රසේකර්, මුල්‍ය සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරිය පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉලංගුමරන්, ශ්‍රී භවානන්දරාජා යාපනය දිස්ත්‍රික් දිසාපති එම්.ප්‍රදීපන්, කෝප්පායි ප්‍රාදේශීය ලේකම් සිවශ්‍රී උල්ලදෝර් යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා සියලුම කර්මාන්ත කම්හල් වැඩිදියුණු කිරීම සහ ඒවායේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ක්ෂේත්‍ර කටයුතු සිදු කරන බව ප්‍රකාශ කළේය.

ආගමික හා ජාති බේද , භාෂා භේදයන් අභිබවා විදේශීය හා දේශීය ආයෝජකයින් වැලඳ ගනිමින් මහා පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමට තමන් සූදානම් බවද ඔහු පැවසීය.

M.Thayakkiny

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article