Friday, September 20, 2024

කපුටා ගැන පාර්ලිමේන්තුවේදිත් කථා කරයි ! බැසිල් අද ලංකාවට එයි !

Must read

හිටපු අමාත්‍ය, පොදු ජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ  අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් අද දින උදෑසන 08.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණ අතර ඔහු පිළිගැනීම සදහා පොදු ජන එක්සත් පෙරමුණේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබුණි.

මේ අතර මන්ත්‍රීවරුන්ට කපුටා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම කැත පහත් වැඩක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී  ඊයේ පවසා තිබුණි. පැවසීය.ඔහු මෙසේ පැවසුවේ අයවැයට පෙර කපුටා ලංකාවට  එන බවට සමගි ජන බලවේගය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා කළ ප්‍රකාශයෙන්  අනතුරුවය.

“ඔයා කතා කරන මන්ත්‍රීතුමාත් කාලයක් කපුටා පස්සේ ගියා” යැයිද රණතුංග මෙහිදි ප්‍රකාශ කළ බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article