Wednesday, December 25, 2024

“කඳුකර ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩමක් ලබා දෙන්න” යැයි ඉල්ලා යාපනයේත් විරෝධතා !

Must read

වතුකරයේ ජනතාව කදුරටට පැමිණ වසර 200 සැමරිම් නිමිති කොට ගෙන ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබදව අවධානය යොමුකරන සාමකාමි විරෝධතාවයක් පසුගියදා යාපනය මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිටදී  පැවැත්විණි.

ජාතික ක්‍රිස්තියානි සංසදය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

මේ අවස්ථාවේදී කඳුකර ජනතාව මීට වසර 200කට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී විවිධ ඛේදවාචක මැද ජීවත් වූ බව සිහිපත් කිරීමට මෙම අවධානය යොමු කිරීමේ මෙහි අරමුණ වි තිබුණි

මේ අතරතුර විරෝධතාකරුවන් විවිධ ඉල්ලීම් රැගත් බැනර් ද රැගෙන සාමකාමීව විරෝධතාවයේ නිරත වූහ

“කඳුකර ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩමක් ලබා දෙන්න””කඳුකර ජනතාව විනාශ කරන්න එපා”, “කඳුකර ජනතාව තනතුරුවලට විකුණන්න එපා”, කඳුකර ජනතාවට නිදහස් ජීවිතයක් ලබාදෙන්න, “උණ්ඩ රෝහල ජනසතු කළ යුතුයි”, ඇතුළු ඉල්ලීම් සහිත බැනර් රැගත් මෙම විරෝධතාවය පැවැත්විණි.
දහඩියෙන් වපුරන ලද භූමිය කම්කරුවන්ට අයිති ඉඩමකි. යන අදහසද එහිදි මතුකර තිබුණි

මෙම විරෝධතාවයට සර්ව ආගමික නායකයින් සහභාගී වීම විශේෂත්වයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article