Saturday, December 28, 2024

කන්තලේදී රෝහල් ගත කල මීරිගම තරුණියට කොරෝනා නොමැති බව තහවුරු වෙයි

Must read

ඇදිරි නීතිය පනවා ඇති කාලය තුලදී මීරිගම සිට ලොරි රථ වල නැගී කන්තලේ ප්‍රදේශයට පැමිණ සිටියදී කොරෝනා වෛරස් ආසාදිතයෙකු බවට ඇති වූ සැකයක් හේතුවෙන් රෝහල් ගත කල තරුණියට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.

ඒ සමගම අද (07) දිනයේදී ඇයව ගිලන් රථයක් මගින් මීරිගම ඇයගේ නිවසට එවීමට පියවර ගෙන ඇති අතර මේ සම්බන්දයෙන් මීරිගම පොලීසියද දැනුවත් කර ඇත. ඒ හේතුවෙන් පැතිර යන කටකතා සම්බන්දයෙන් බියක් ඇති කර නොගන්නා ලෙස මීරිගම ජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලීසිය කියයි.

25 හැවිරිදි මෙම කාන්තාව රෝහල් ගත කල පුළමු අවස්ථාවේදි රෝහලෙන් පැන ගොස් තිබූ අතර නැවතත් ඇය  රෝහල් ගත කිරීමට පොලීසිය කටයුතු කලේය

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article