Saturday, September 21, 2024

කටාරයට හා සෞදි අරාබියට පැමිණෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට දැනුම්දීමක්

Must read

සයිනෝෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති ලාංකික ශ්‍රමිකයින්ට බූස්ටර් එන්නතක් ලෙස ෆයිසර් ලබා ගෙන පැමිණෙන්නැයි කටාරය හා සෞදි අරාබිය දැනුම් දී තිබේ.

එමෙන්ම මැදපෙරදිග සහ යුරෝපා රටවල රැකියා සඳහා යාමේදී ෆයිසර් එන්නත ලබා ගැනීම අනිවාර්ය කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතා පවසයි.

කෙසේ වෙතත් විදෙස් රැකියා සදහා පිටත්ව යාමට ලියාපදිංචි වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 20,000 කට ආසන්න වූවත් ඉන් මුල් අදිරයේදී ෆයිසර් එන්නත ලබාගෙන ඇත්තේ 8000ක පමණ පිරික් පමණ බවද වාර්තා වෙයි. ඒ හේතුවෙන් සෙසු ශ්‍රමිකයින්ට අවශ්‍ය ෆයිසර් එන්නත් ප්‍රමාණය කඩිනමින් ලබා දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව මංගල රන්දෙණිය මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article