Friday, September 20, 2024

ඖෂධ මිල සති දෙකකට වරක් සංශෝධනයට තීරණයක්…

Must read

ඖෂධ මිල සංශෝධනය සති දෙකකට වරක් සිදු කිරීමේ තීරණය, ක්‍රියාවට නැංවිම පියවර ගෙන තිබේ.

ඒ, එම අවස්ථාවේ පවතින ඩොලරයේ අගයට සාපේක්ෂවයි.

සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ, ඖෂධ මිල ගණන් පා කරන්නැයි විවිධ පාර්ශ්ව කරනු ලබන ඉල්ලීම් සමග තමන් කිසිසේත් එකඟ නොවන බවය.

ඩොලරයේ අගයට සාපේක්ෂව, මිල ගණන් සංශෝධනය කරමින් රෝගීන්ට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතා පැවසුවේ දැනට ඖෂධ වර්ගවලින් 40%ත් 60% ත් අතර ප්‍රමාණයක් ගැසට් මගින් මිල පාලනය වන බවය.

රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාමත් සමග ඖෂධ මිල 29% කින් ඉහළ දැමීමට මීට පෙර කටයුතු කළ බව ඔහු පැවසුවේය.

(Newsfirst)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article