Wednesday, January 8, 2025

‘ඔවුන් අපේ දරුවන් අපේම පාද යට වලලා තිබෙනවා’ , ජාත්‍යන්තරය මැදිහත්වී සාධාරණය ඉටුකළ යුතුයි

Must read

කොක්කුතොඩුවායි හි සමූහ මිනී වලෙහි  මිනිස් ඇට සැකිලි තිබෙන   බව දැන දැනත් කැණීම් කටයුතු ප්‍රමාද කරන්නේ  ඇයි?  ඔබලා යන්නේ ඇටකටු වලට පන දෙන්නටද ? , අපරාධ වලට යුක්තිය ඉටුකරන්න ද ? යනුවෙන් සමාජ ක්‍රියාකාරිනියක් වන සුන්දරම්පිල්ලේ සිවමනී ප්‍රශ්න කර තිබේ.

කොක්කුතොඩ්ඩුවායි ප්‍රදේශයේ සිදුකෙරෙන සමූහ මිනී වලේ කැණීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මෙසේ වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර සිටියේ

”මම කොක්කුතොඩුවායි ප්‍රදේශයේ ඉපදිලා මේ දක්වා ජීවත් වෙනවා. අපි සොහොනක වැළලී ගියත් කමක් නැත, අපට වැදගත් වන්නේ සොහොනක වැළලී සිටින අපගේ අතුරුදහන් වූ දරුවන් ය.

අපි අවුරුදු 13ක් තිස්සේ  දීපු අපේ ළමයි කෝ කියලා ඇහුවත් උත්තරයක් නැහැ. හේතුව කුමක්ද? ගමින් ගමට තම දරුවන් හමුදාවට බාර දුන් මවුපියන් සංකේතාත්මක උපවාසයක නිරත වෙති.අද වෙනකම් උත්තරයක් නෑ.කෝ අපේ ළමයි? ඔවුන් අපේ දරුවන් අපේ පාදවල පස් යට වළලා තිබෙනවා.

තමුන්නාන්සේලා අපේ දරුවන්ට රවට්ටලා කරපු අමානුෂික එළි විය යුතුයි. මිනී වලේ මිනිස් ඇටකටු ඇති බව  දැන දැනත් කැණීම් කටයුතු පමා කරමින් ඇටසැකිල්ලට පණ දෙන්න යන්නේ ඇයි? සියල්ල එළියට ගෙන අපේ අතුරුදහන් වූ දරුවන්ගේ දෙමාපියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න.

එවැනි තැනක අපේ දරුවන් ගෙනවිත් මිහිදන් කළේ කවුද ?? අතුරුදහන් වූ අපේ දරුවන්ට ජාත්‍යන්තරය මැදිහත් වී සාධාරණය ඉටුකළ යුතුයි.”

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article