Friday, September 20, 2024

එළවළු තොග දඹුල්ලට , මිළ පහලට ..

Must read

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු, පළතුරු හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක  තොග මිල අද (30 දා) වන විට විශාල වශයෙන් පහත වැටී ඇති බව වෙළෙන්දෝ පවසා සිටින බව ada.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේතොග මිළ පහත වැටුණද ඒවායේ සිල්ලර මිලෙහි වෙනසක් නොමති බව තොග වෙළෙන්දෝ පවසන බවද වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

දඹුල්ල ආර්ථික මධ්යස්ථානය තුළ 30 දින වන විට ගෝවා කිලෝවක තොග මිල රුපියල් 25ත් 30ත්  දක්වා පහත වැටී තිබෙන බවත් සෑම එලවලුවක්ම සියයට 75ක් පමණ අඩුවී ඇති බව වෙළෙන්දෝ පවසති.

ඊයේ (30)  උදෑසන කාලයේ ලැබී තිබූ එළවළු වර්ග වලින් ගෝවා කිලෝවක් රුපියල් 25 සිට 35 දක්වා මිලකට  කැකිරි කිලෝවක් රුපියල් 50 සිට 60 දක්වා මිලකට අලෙවි වූ අතර දෙහි කිලෝවක තොග මිල රුපියල් හැට පහක් ලෙස සඳහන්ව තිබිණි

එමෙන්ම විශාල වශයෙන් ඉහළ ගොස් තිබූ බෝංචි කිලෝවක් රුපියල් 300ක් 350 ක් අතර මිලකට ත් වම්බටු කිලෝව රු 100 ක් දක්වාද රු 350 පමණ මිලකට අලවි වූ   ලීක්ස්, කැරට්, කිලෝවක තොග මිල රුපියල් 90 ත්  150 ත් අතර මිලයකට අලවි වන බව වෙළෙන්දෝ පවසති.

විදේශීය රටවලින් ගෙන්වන ලද ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් එකසිය විස්සකි.

මේ දිනවල එළවලු තොග විශාල වශයෙන් ලැබුණද එළවලු මිලදී ගැනීම සඳහා එන වෙළෙන්දන්ගේ පැමිණීම විශාල වශයෙන් අඩුවී තිබෙන බවත් පාරිභෝගික ජනතාව එළවලු මිලදී ගැනීම විශාල වශයෙන් පහත වැටි ඇති බව වෙළෙන්දෝ කියති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article