Monday, January 13, 2025

එළවලු අලෙවිසැල් මංකොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න – නාමල් කරුණාරත්න

Must read

මෙරට එළවළු අලෙවිසැල් මංකොල්ලකරුවන්ගෙන් බේරා ගැනීමේ වැඩපිළිවෙලක් රජය විසින් වහාම ක්‍රියාත්මක කල යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ එළවලු මිල ඉහළ යෑම පහළ යෑම සහ එළවලු වගා පිළිබඳව නිසි ක්‍රමවේදයක් නොමැතිවිම පිළිබඳව ජනතාව දැනුවත් කිරිම සඳහා ඊයේ ( 19) දින පස්වරුවේ දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දකවමින් ඒ මහතා සදහන් කර සිටියේ බද්දේගම ප්‍රදේශයේ එළවළු වෙලදසැල් කිහිපයන් කඩා ලූණු සහ එළවළු මංකොල්ල කෑමේ සිදුවීම් වාර්ථා වන බවයි. එමෙන්ම මේ වන විට ගොවීන්ට අවිආයුධ සමගින් එළවලු කොටු ආරක්ෂා කිරීමට සිදුව ඇති බැවින් වහාම එළවලු කොටුවලට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හෝ ආරක්ෂාව ලබා දෙන්නැයි හෙතෙම බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

මේ දිනවල එළවලු මිල සීඝ්‍රයෙන් ඉහළ ගියද තව මාස එකහමාරක් පමණ වන විට එළවලු අතිරික්ත ප්‍රමාණ වලින් නිෂ්පාදනය වන බවත් ඒ අනුව මෙරට එළවලු නිෂ්පාදනයෙන් 40%ක් අපතේ යන බවත් ඒ මහතා මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කලේය. ඒ සම්බන්දයෙන් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ “අපේ රටේ එළවලු පලතුරු වගාවට වෙළඳාමට පරිභෝජනයට ප්‍රවාහනයට කිසිදු ප්‍රතිපත්තියක් නැහැ. සියයට හතළිහක් පසු අස්වනු හානිය නිෂ්පාදනයෙන් පස්සේ විනාශ වෙනවා. මේ ගැන කිසිම කෙනෙක් නිසි ලෙස අවධානය යොමු කරලා ඊට විසඳුමක් සොයාගෙන නැහැ. අඩුම තරමේ එකම එක කිලෝ 5ක් වත් විජලනය කරන්න ශිත ගබඩාවක තියාගන්න අපේ ආණ්ඩු කරවපු කාටවත් බැරිවුණා.” ලෙසටය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article