අද සවස (30) එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කටයුතු කරන බව තහවුරු වූ අතර එක්සත් ජාතික පක්ෂ ප්රමුඛ ගොඩනගන නව සන්ධානයේ නායකත්වය සහ පාර්ලිමේන්තු මැතිවරණයේ නායකත්වයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමටද තීරණය කෙරිණි.
කෙසේ වෙතත් අද පැවති කෘත්‍යාධිකාරි මණ්ඩලයේ රැස්වීම වර්ජනය කිරීමට විපක්ක් නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 35 දෙනෙකු තීරණය තිබූ අතර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පාර්ශවයේ සිටි මංගල සමරවීර මහතා රැස්වීමට සහභාගී වී තිබීමද විශේෂත්වයකි.