Saturday, September 21, 2024

එක්ස්ප්‍රස් පර්ල්ට එරෙහිව ශ්‍රී ලංකාව සිංගප්පූරුවේදී නඩු මඟට

Must read

 

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට පරිසර පද්ධතියට වූ හානියට එම නෞකාව හිමි සමාගම තවමත් වන්දි නොගෙවීම හේතුවෙන් එම නෞකාව හිමි සමාගමට එරෙහි සිංගප්පූරුවේ බේරුම්කරණ අධිකරණය හමුවේ නඩු පැවැරීමට ශ්‍රී ලංකා රජය තීන්දු කර ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙත උපදෙස් ලබා දී ඇත්තේ එම නෞකාව ගිනිගැනීම හා මුහුදුබත්වීමෙන් සිදුවූ හානිය ගණනය කල නොහැකි වූවත් යම් සීමාවකින් යුතුව අදාළ වන්දිමුදල තීන්දු කරන ලෙසයි.

මෙම නඩු  පැවැරීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා එහිදී අධිකරණ ඇමතිවරයා වෙත උපදෙස් ලබා දී ඇත.

 

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් ඉකුත් සතියේ නීතිපති සංජය රාජරත්නම් මහතා මුණ ගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇති අතර වන්දි අය කර ගැනීමට අදාළව වාර්තාවක් යොමු කිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ඉහත උපදෙස් අධිකරණ අමාත්‍යවරයා වෙත ලබා දී ඇත.

(ලංකාදීප ඇසුරිණි)

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article