Saturday, December 28, 2024

එකවර රෝගීන් 4කට කෘතිම ස්වසනය ලබාදිය හැකි යන්ත්‍රයක් මෙරටදී නිපදවයි

Must read

ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලද්දකි

එකවර රෝගීන් 4 දෙනෙකු⁣ට කෘතිම ස්වසනය ලබාදිය හැකි ස්වසන ආධාරක යන්ත්‍රයක් (ventilator) නිර්මාණය කිරීමට නුවර මහ රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒ්කකයේ හෙද නිලධාරි බිහාන් හපුතන්ත්‍රී මහතා සමත් වී ඇත.

එම යන්ත්‍රය අද දින (02) සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට හදුන්වාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

මේ වන විට මෙරට තුල කෘතිම ස්වසන යන්ත්‍ර 500ක් පමණ පවතින නමුත් කො⁣රෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා යොදාගත හැක්කේ යන්ත්‍ර 200 -300ක් අතර ප්‍රමාණයක් පමණි.මෙම නව නිර්මාණය අනුව එක් කෘත්‍රීම ශ්වසන යන්ත්‍රයකින් රෝගීන්ට විෂබීජ පැතිර නොයන පරිදි රෝගීන් 04 කට කෘත්‍රීම ශ්වසනය එකවර ලබාදිය හැකි බැවින් දැනට රෝහල්වල තිබෙන 500 ක් වන කෘත්‍රීම ශ්වසන යන්ත්‍ර සංඛ්‍යාවෙන් ලබාදෙන සේවාව 2000 දක්වා ඉහළ නැංවිය හැකිය.  ඒම නිසා හදිසි තත්වයකදී මෙම ක්‍රමවේදය මගින් රෝගීන්ට ඔක්සිජන් ලබාදීමට විශාල පහසුවක් වේ.

මෙම නව නිර්මාණය නිසා රජයට විශාල මුදලක් ඉතිරි වන බවද බිහාන් හපුතන්ත්‍රී මහතා අමාත්‍යවරියට පැහැදිලි කලේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article