Tuesday, February 25, 2025

උපාධියත් එපා කියා ඉතාලියෙන් පැන්න සරසවි සිසුවා

Must read

ඉතාලියේදී පැවැත්වෙන විශ්වවිද්‍යාල මළල ක්‍රීඩා තරගාවලියකට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයෙකු තම ඉසව්වටද සහභාගී වීමෙන් අනතුරුව නවාතැන්ගෙන සිටි හෝටලයෙන් පලා ගොස් ඇති බව වාර්ථා වෙයි.

මෙසේ පලාගොස් ඇත්තේ ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවෙකි. මොහු මීටර් 100 සහය දිවීමේ ඉසව්ව සදහා සහභාගී වී ඇත. මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 51 දෙනෙකු සහභාගී වී ඇති අතර ක්‍රීඩා කණ්ඩායම භාර නිලධාරීන් විසින් මේ සම්බන්දයෙන් ඉතාලි පොලීසියට පැමිණිල්ලක් කර ඇතත් මේ වන තෙක් එම සිසුවා සම්බන්දයෙන් තොරතුරක් වාර්ථා වී නොමැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article