Saturday, February 22, 2025

උදේ මාධ්‍යවේදියාට පහරදුන් මැරයන්ගෙන් , දවල් පොලීසියට පැමිණිල්ලක් ?

Must read

ඉරණමඩු ජලාශයේ වතුර ගොවි කටයුතු වලට බෙදා හැරිම සහ එයට අදාලව කටයුතු කරන සමිතියක පවතින අක්‍රමිකතා ගැන ලිපියක් පළකරන ලද කිලිනොච්චියේ මාධ්‍යවේදියෙකු වන සුබ්‍රමනියම් බාස්කරන් අද පෙරවරුවේ මැර ප්‍රහාරයකට ලක්ව තිබුණි.

අද පෙරවරු 7. 45 ට පමණ මෙම ප්‍රහාරය සදහා පැමිණ ඇති මැරයන් මාධ්‍යවේදි බාස්කරන්ගේ නිවසේ ගේට්ටු කඩා දමා බලහත්කාරයෙන් නිවසට ඇතුළු වි මෙම ප්‍රහාරය සිදුකර තිබුණි.

මේ සම්බන්ධයෙන් බාස්කරන් විසින් අද පෙරවරු 8.30 ට පමණ කිලිනොච්චි පොලිසියේ පැමිණිල්ලක කර ඇති අතර එහිදි ඔහුට පහරදුන් මැරයන් ගැනද සදහන් කර ඇත.

පොලිසිය ක්‍රියාත්මක මේ මැර පිරිසෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර අද දවල් 12.30 පමණ මේ මැර පිරිසට සම්බන්ධ අයෙකු විසින් කිලිනොච්චිය පොලිසියේ පැමිණිල්ලක් කර තිබුනේ මාධ්‍යවේදි බාස්කරන් විසින් අද උදේ පුද්ගලයෙකු පහර දි ඇති බවත් එයට පළිගැනිමට ලෙසින් මේ මැර ප්‍රහාරය සිදුව ඇති බවත්ය.

මේ ගැන අදහස් දක්වමින් කිලිනොච්චි මාධ්‍ය සංගමයේ ක්‍රියාකාරින් කියා සිටින්නේ මේ තනිකරම බොරුවක් බවත් උදේ පහරදිමක් සිදුව තිබුනේ නම් ඔවුන් ඒ ගැන පැමිණිලි කල යුතුව තිබුන බවත්ය.

කෙසේ වෙතත් මේ පැමිණිල්ල පදනම් කරගනිමින් මේ වන විට මාධ්‍යවේදි බාස්කරන්වල අත්අඩංගුට ගෙන පොලිස් සිරභාරයට පත්කර ඇතැයි වාර්තාවේ.

උදේ වරුවේ සිදුව තිබුන හෙල්මට් ප්‍රහාර හේතුවෙන් යම් කැරකිල්ල තත්වයක් අද දවල් සිට බාස්කරන් හට දැනෙන්නට පටන් ගෙන තිබුණ අතර ඔහුට ඒ සදහා ප්‍රතිකාර ගැනිමට අවශ්‍ය බව පොලිසියට දන්වා තිබුණද පොලිසිය ඊට ඉඩ දි නැතැයිද කිලිනොච්චි මාධ්‍ය සංගම් ක්‍රියාකාරින් ප්‍රකාශ කර සිටිති.

මේ සම්බන්ධයෙන් වෘත්තිය වෙබ් මාධ්‍ය සංගමය උතුරු පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාවද මේ සිදුවිම සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article