Saturday, September 28, 2024

උතුරේ මාධ්‍යවේදියෙකුගේ නිවසේ දේපල වලට හානිකළ මැරයන් තවමත් නිදැල්ලේ ?

Must read

යතුරු පැදි දෙකකින් පැමිණි පස්දෙනෙකුගෙන් යුත් නාදුනන පිරිසක් විසින් උතුරේ දෙමළ මාධ්‍යවේදියකුගේ නිවසට කඩා වැදි ගිති තබා ඔහුගේ නිවසේ තිබු දේපල රැසකටද දැඩි හානි පමුණුවා තිබුනේ පසුගිය 13 වනදාය

යාපනය ප්‍රදේශය කේන්ද්‍රකොට ගනිමින් ක්‍රියාත්මක වු තම්බිතුරෙයි ප්‍රදීපන් මාධ්‍ය ආයතන කිහිපයකටම ප්‍රවෘත්ති සම්පාදනය කරන ප්‍රමුඛ පෙලේ නිදහස් මාධ්‍යවේදියෙකි.

මෙම මැර ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ යතුරුපැදිය ගිනි ගෙන ඇති අතර ඔහුගේ සහෝදරයකුට අයත් ත්‍රිරෝද රථයටද එම පිරිස දැඩි හානි සිදු කර තිබුණ අතර මෙම මැර ප්‍රහාරය හේතුකොට ගෙන නිවසේ ඉදිරි කොටසේ තිබු බඩු භාණ්ඩ ඇතුළු දේපල රැසකට හානි සිදුව ඇති අතර මාළු ටැංකිය හා නිවසේ ජනේල වලටද හානි සිදුව තිබේ.

මෙම ප්‍රහාරය සිදුකරන ලද මැරයන් තවමත් අඩංගුවට ගෙන නැත.මේ සම්බන්ධයෙන් අප අච්චුවේලි පොලිසියෙන් කරන ලද විමසිමකදි ප්‍රහාරයට පැමිණ සිටි කිසිවෙකුත් තවමත් අත්අඩංගුවට ගෙන නැතැයි අපට පිළිතුරු දුන් නිළධාරියෙකු කියා සිටියේය .

යාපනය මාධ්‍ය සමාජයද  මෙම ප්‍රහාරය හෙළා දැක තිබුණි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article