Sunday, June 23, 2024

උතුරේ මාධ්‍යවේදියෙකුගේ නිවසට මැර ප්‍රහාරයක් !

Must read

යතුරු පැදි  දෙකකින්  පැමිණි පස්දෙනෙකුගෙන් යුත් නාදුනන පිරිසක් විසින් උතුරේ දෙමළ මාධ්‍යවේදියකුගේ නිවසට කඩා වැදි   ගිති තබා ඔහුගේ නිවසේ තිබු දේපල රැසකටද දැඩි හානි පමුණුවා ඇතැයි යාපන මාධ්‍ය සමාජයේ මාධ්‍ය ක්‍රියාකාරින් පවසා සිටිති

යාපනය ප්‍රදේශය කේන්ද්‍රකොට ගනිමින් ක්‍රියාත්මක වු  තම්බිතුරෙයි ප්‍රදීපන් මාධ්‍ය ආයතන කිහිපයකටම ප්‍රවෘත්ති සම්පාදනය කරන ප්‍රමුඛ පෙලේ නිදහස් මාධ්‍යවේදියෙකි.

මෙම මැර ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ යතුරුපැදිය ගිනි ගෙන ඇති අතර ඔහුගේ සහෝදරයකුට අයත් ත්‍රිරෝද රථයටද  එම පිරිස දැඩි හානි සිදු කර තිබුණි

යාපනය අච්චුවේලියේ, පත්තමේනිහි කාලි කෝවිල ආසන්නයේ පිහිටි සිය නිවසට මේ මැර පිරිස ඇතුළු වි තිබුනේ 13 වනදා අලුයම 12.15 පමණය
මෙම මැර ප්‍රහාරය හේතුකොට ගෙන  නිවසේ ඉදිරි කොටසේ තිබු බඩු භාණ්ඩ ඇතුළු දේපල රැසකට හානි සිදුව ඇති අතර මාළු ටැංකිය හා නිවසේ ජනේල වලටද හානි සිදුව තිබේ.

නාදුනන පිරිස විසින් සිදු කළ පහර දීම් හේතුවෙන් පසුව දෙන මාධ්‍යවේදියා තව දුරටත් පවසන්නේ “සංක්‍රාන්තික ලිංගික හැගීම් වැරදි ලෙස නිරූපනය නොකරන්න” යනුවෙන් දෙමළ බසින් මුද්‍රිත පත්‍රිකාවක්ද  එම පිරිස විසින් සිය ඉඩමේ දමා ගොස් තිබු බවය

යාපනේ දේශපාලන ක්‍රියාකාරින් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රින්ද මේ වන විට මාධ්‍යවේදි ප්‍රදිපන්ගේ නිවසට පැමිණ තිබුන අතර මේ සම්බන්ධයෙන් නිවරදි පරික්ෂණයක් සිදුකරන ලෙසද රජයෙන් ඉල්ලා තිබුණි.
යාපනය මාධ්‍ය සමාජය විසින් මේ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබුණි ඡායා සහ විස්තරය -නිදර්ශන් – යාපනය

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article