පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබූ උතුරු දුම්රිය ගමන් මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (16) සිට නැවත ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි
ඒ අනුව අද(16) සට හෙට (17) උතුරු මාර්ගයේ දුරගමන් සේවා දුම්රිය හයක් ධාවනය කිරීමට නියමිතය.
16 වනදා දුම්රිය කාල සටහන
- ගල්කිස්ස – කන්කසන්තුරය සීග්‍රගාමී දුම්රිය (කොළඹ කොටුවෙන් පිටත්වීම 5.45)
- කන්කසන්තුරය – ගල්කිස්ස සීග්‍රගාමී දුම්රිය (කන්කසන්තුරයෙන් පිටත්වීම 13.15)
- ගල්කිස්ස – කන්කසන්තුරය යාල්දේවි දුම්රිය (කොළඹ කොටුවෙන් පිටත්වීම 6.35)
- කන්කසන්තුරය – ගල්කිස්ස යාල්දේවී දුම්රිය (කන්කසන්තුරයෙන් පිටත්වීම 9.00)
- කොළඹ කොටුව – කන්කසන්තුරය (කොළඹ කොටුවෙන් පිටත්වීම 11.50)
17 වනදා දුම්රිය කාල සටහන
- කන්කසන්තුරය – කොළඹ කොටුව නාරාන්තර දුම්රිය (කන්කසන්තුරයෙන් පිටත්වීම 5.30)