Saturday, September 28, 2024

උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස නාගලිංගම් වේදනායකන් වැඩ භාරනියි !

Must read

වෙන ජනාධිපති කෙනෙක් හිටියා නම් මම එන්නේ නැහැ. උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස වැඩ භාරගත් නාගලිංගම් වේදනායකන් පැවසුවේ අනෙක් ජනාධිපතිවරුන් කවුරුවත් මගෙන් නොඉල්ලුවත් මම එන්නේ නැහැ කියාය

ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ අද පැවති රාජකාරි භාරගැනීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අද මම උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ වගකීම භාරගෙන තිබෙනවා. ඒ ගැන මම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා.

ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබෙන්නේ  අවංක රටක් පාලනය කිරීමටයි. අපි එය ඉදිරියට ගෙන යමු.
දූෂණය නැති කර ජනතාවගේ ජීවනෝපාය නඟාසිටුවීමට අපි කටයුතු කරනවා

ජනාධිපතිතුමා හරහා අපිට බය නැතිව වැඩ කරන්න අවස්ථාව ලබාදී තිබෙනවා යැයි මෙම වැඩ බාර ගැනිමේ උත්සවයේදි අවධාරණය කර තිබුණිසටහන සහ ඡායා – නිර්ශන් යාපනය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article