දහස් ගණනකට ජිවිත අහිමි කළ ම්ලේච්ඡ යුද්ධයේ අවසන් දින කිපය සමරමින් පසුගිය 12 වනදා ඇරඹි මුල්ලිවයික්කාල් සතිය හෙට අවසන් විමට නියමිතය.


මෙහි ප්‍රධාන සැමරුම් උත්සවය මුලතිව් මුල්ලිවයික්කාල්හිදි හෙට පැවැත්වෙන අතර මේ සතිය පුරා උතුරු නැගෙනහිර ප්‍රදේශ රැසක සැමරුම් වැඩසටහන් සංවිධානය වි තිබුණි .
යුද්ධයේ අවසන් කාලය තුල කුසට අහරක් නැතිව සිටි ජනයාගේ එකම ආහාර වේල වි තිබුනේ කැඳය.
එය සිහිකරමින් සැමරුම් වැඩ සටහන් සියල්ලකදිම කැඳ උයා ජනයාට බෙදා දිම සිදුකරන ලදි.